වසන්ත මුදලිගේ ඇතුලුව දකුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ උතුරට පැමිණීමට විරෝධය පල කිරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලයීය සිසුන් හා යාපනයේ ස්වේච්ඡා සංවිධාන හා සිවිල් සංවිධාන කීපයක් යාපනයේදී උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

ඔවුන් කියා සිටියේ උතුරේ දෙමළ වැසියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වීමේදී හා තවත් සිද්ධීන් නිසා පීඩාවට පත් වූ අවස්ථාවේදී දකුණේ ශිෂ්‍ය සංගම් උතුරු පළාතට පැමිණ ඒ සම්බන්ධයෙන් හඬක් නැගීමක් හෝ විරෝධය පලකිරීමක් සිදු නොකළ බවයි.
වසන්ත මුදලිගේ ඇතුලු පිරිසක් යාපනයට පැමිණ යාපනයේදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හරහා සිදුවන මර්ධනයට සහ තවත් කරුණු ගණනාවක් සම්බන්ධව ශිෂ්‍ය සම්මේලනයක් පැවැත්වූ අවස්ථාවේදී ඔවුන් එම ශාලව ඉදිරියේදී මෙම විරෝධතාවය පැවත්වූහ.
යාපනය විශ්ව විද්‍යාලයේ ක්‍රියාකාරී ශිෂ්‍යයින් පිරිසක් වසන්ත මුදලිගේ සමග එම සම්මේලනයට සහභාගී වී සිටියදී තවත් පිරිසක් ඊට එරෙහිව පවත්වන ලද විරෝධතාවයට එක්ව සිටියහ.
The post උතුරට ගිය වසන්ත මුදලිගේ ඇතුළු අන්තරේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට යාපනය විශ්ව විද්‍යාලයීය සිසුන්ගේ සහ සිවිල් සංවිධාන වල විරෝධය appeared first on ColomboXnews.