24 C
Munich
Thursday, June 8, 2023

දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම මෙන්න

Must read

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්   ස්ථාන මාරු කිරීම සඳහා   අවශ්‍ය විමර්ශන තොරතුරු තමන්ට   ලබා දිය නොහැකි බවත්, එහෙත් ඕනෑම සබුද්ධික මිනිසෙකුට  ඔහුව ස්ථාන මාරු කිරීමේ  තීන්දුව ගැනීමට හැකි  සාක්ෂි  ඕනෑ තරම් ඇති බවත් දීර්ඝ ලෙස පෙන්වා දෙමින්   නීතිපතිවරයා පොලිස්පතිට ලිපියක් යවා තිබේ.

නීතිපතිවරයා පොලිස්පතිට මෙම ලිපිය ලියන්නේ පොලිස්පති විසින් නීතිපති අමතමින් දේශබන්දු තෙන්නකෝන්ගේ ස්ථාන මාරු කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් කිරීමට මැයි 09 අපරාධයේ විමර්නයට බාධා කළ බවට තොරතුරු ඇතිනම් ලැබෙන්නට සලස්වන මෙන්  ඉල්ලා යැවූ ලිපියට පිළිතුරු දෙමිනි.

නීතිපතිවරයා පොලිස්පතිට මෙහිදී පැහැදිලිවම කියන්නේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය අනුව පොලිස්පතිවරයා ඉල්ලා සිටින ආකාරයට තොරතුරු ලබා දීමට විමර්ශන බලතල  තමන්ට  නැති බවය. විමර්ශන බලය ඇත්තේ පොලිසියට බවය.

විමර්ශනයට බලපෑම් වුනත් නොවුනත්,  මැයි 09 දා ලංකා පොදුජන පෙරමුණු පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය සාමකාමී අරගලකරුවන් හා ගැටුම්කාරී තත්ත්වයකට යෑමේ  ඉඩ ඇති බවට පැහැදිලි බුද්ධි තොරතුරු ලැබී තිබිය දී එය වැළැක්වීම සඳහා ලබා දුන් උපදෙස් සහිත වගකීම පැහැර හැරීමත්,  එවැනි ගැටුමක් ඇතිවන අපරාධය   භූමියේ   සිටිය දී  එය වැළැක්වීමේ  තීරණ ගැනීමේ ප්‍රමුඛ වගකීම පැවරෙන නිලධාරියා ලෙස එම සාපරාධී ක්‍රියාව වලක්වා ගැනීමට උත්සාහ නොකළ බවට සාක්ෂි මගින් පැහැදිලිව හෙළි වී තිබීමත් සම්බන්ධව   නීතිපතිවරයා පොලිස්පතිට  දන්වයි.

එවැනි පසුබිමක දේශබන්දු තෙන්නකෝන් අඛණ්ඩව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට රාජකාරියෙහි නිරතවීම  හේතුවෙන් පවතින විමර්ශනවල විශ්වාසනීයත්වය සහ ස්වාධීනත්වය අභියෝගයට ලක්වීමට ඇති ඉහළ ඉඩකඩ ඕනෑම සබුද්ධික මිනිසෙකුට තේරෙන බවත් නිතිපතිවරයා  පොලිස්පතිට  පෙන්වා දෙයි.

පොලිසිය සැමට සාධාරණය සැලසීමට අපොහොසත් වී ඇති බවට මහේස්ත්‍රාත්වරයා  විවෘත අධිකරණයේ දි  සිය දැඩි අප්‍රසාදය පල කළ අකාරය ද එම ලිපියෙන් නීතිපතිවරයා  පොලිස්පති වෙත සිහි කැඳවා තිබේ.

The post දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම මෙන්න appeared first on ColomboXnews.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x