විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, දැනට පවතින ගෘහස්ථ විදුලි පාරිභෝජන ඒකක 1ත් 30ත් අතර රුපියල් 30ක්ව පවතින මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 150ක් දක්වා ඉහළ නංවන ලෙස යෝජනා කර ඇත.
ලංකා විදුලි බල මණ්ඩලය ඒ සඳහා යෝජනා කර තිබුණේ රුපියල් 430කි.
එමෙන් ම, දැනට ඒකක 1ත් 30ත් අතර රුපියල් 2යි ශත 50ක් ව පවතින විදුලි ඒකකයක මිල රුපියල් 8කින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව, මහජන උපයෝගීතා කොමිෂන් සභාව ද නිර්දේශ කර තිබේ.
ඒකක 31ත් 60ත් අතර ස්ථාවර ගාස්තුව රුපියල් 1,100කින් ඉහළ දැමිය යුතු බවට විදුලිබල මණ්ඩලය යෝජනා කළ ද ඒ සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ, රුපියල් 300ක වැඩි වීමකි.
තව ද ඒකක 31ත් 60ත් අතර දැනට රුපියල් 4යි ශත 85ක් ව පවතින විදුලි ඒකකයක මිල රුපියල් 12යි ශත 50කින් වැඩි කළ යුතු බවට විදුලිබල මණ්ඩලය යෝජනා කළ ද ඒ සඳහා නිර්දේශ කර ඇත්තේ රුපියල් 10ක ගාස්තු සංශෝධනයක් පමණි.
ගාස්තු වැඩි වීම සම්බන්ධයෙන් තොරතුරු පහතින් දැක්වේ.


The post විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ නිර්දේශ මෙන්න appeared first on ColomboXnews.