9.4 C
Munich
Saturday, October 1, 2022

දෑත් ගැටගසා මුඛය ප්ලාස්ටර් කර තිබූ සුපිරි වෙළෙඳ සැලේ මැනේජර්ගේ මළ සිරුර මොරටුවෙන් හමුවෙයි (වීඩියෝ/ඡායාරූප)

Must read

මුඛය ප්ලාස්ටර්වලින් ආවරණය කර, දෑත් ලණුවකින් ගැටගසා, ඝාතනය කර දමාගොස් තිබූ මළ සිරුරක් ඊයේ රාත්‍රීයේ මොරටුව – මොරටුමුල්ල සෝභිත විද්‍යාල මාවතේ තිබිය දී සොයාගෙන තිබුණි. 
මෙම පුද්ගලයා කවුරුන්ද යන්න මුලදී අනාවරණය නොවූ අතර පොලිසිය මේ ගැන සිදු කළ පරීක්ෂණ වලින් පසුව මොහු මොරටුව ප්‍රදේශයේ සුපිරි වෙළඳසැළක කළමණාකරුවෙකු බව අනාවරණය කරගෙන තිබේ.

මාතර – පුහුල්වැල්ල ප්‍රදේශයේ ලිපිනයක පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකුවූ ඔහු ඝාතනය කර තිබුනේ පපු ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී බවට පරීක්ෂණ වලදී හෙළි විය.
මොහු සේවය නිමාවීමෙන් පසු ත්‍රී රෝද රථයක් පදවමින් රැකියාවේ නිරතවී ඇති බව වාර්තා විය. ඔහුගේ ත්‍රී රෝද රථයද අතැර දමා තිබියදී අද උදෑසන පිළියන්ඳළ – කරදියාන ප්‍රදේශයේ තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.
කවුරුන් හෝ ඔහුව ඝාතනය කර සිරුර මොරටුමුල්ල ප්‍රදේශයට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර පරීක්ෂණ සිදුවේ.

The post දෑත් ගැටගසා මුඛය ප්ලාස්ටර් කර තිබූ සුපිරි වෙළෙඳ සැලේ මැනේජර්ගේ මළ සිරුර මොරටුවෙන් හමුවෙයි (වීඩියෝ/ඡායාරූප) appeared first on ColomboXnews.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x