9.4 C
Munich
Saturday, October 1, 2022

ඉන්දියාවෙන් ගෙන එන යුරියා ලංකාවේ ප්‍රමිතියට අනුව නැහැ..! යොදාගත හැක්කේ වී සහ බඩඉරිඟු සදහා පමණයි – කෘෂි විද්‍යාඥයින් අනතුරු අගවයි (වීඩියෝ)

Must read

ඇමෙරිකන් ඩොලර් මිලියන 55ක් වැය කොට යල කන්නයට ගෙන්වීමට නියමිත යුරියා පොහොර තොගය ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට පටහැනි බව මේ වනවිට අනාවරණය වී තිබේ. මෙම පොහොර මෙට්‍රික් ටොන් 65,000 ගෙන්වන්නේ ඉන්දියානු රේඛීය ණය ක්‍රමය (Credit Line) මත බවද පැවසේ.

මෙම තොරතුරු අනාවරණය වන්නේ ඇමති මහින්ද අමරවීර විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කල අමාත්‍ය මණ්ඩල සංදේශයක් හරහායි. අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ 1:3 යටතේ සඳහන් කර ඇත්තේ “මෙම යූරියා ඉන්දියන් රජය විසින් ඉන්දියාව සඳහා ප්‍රසම්පාදනය කළ පොහොර වන අතර ඒ සඳහා යොදාගෙන ඇත්තේ යූරියා සඳහා වන ඉන්දීය ප්‍රමිතීන් වේ.එම ප්‍රමිතීන් ශ්‍රී ලංකාවේ යූරියා සඳහා ප්‍රමිතිය වන SLS 618:2014 පහත පරාමිතීන් අනුව වෙනස් වේ.

SLS 618:2014 ප්‍රමිතියට අනුව ශ්‍රී ලංකාවේ බයියුරේට් (Biuret) ප්‍රතිශතය – 1 වන නමුත් එය ඉන්දියානු ප්‍රමිතියට අනුව බයියුරේට් (Biuret) ප්‍රතිශතය – 1.5” ලෙස දැක්වේ.

මේ අතර ඉන්දියාවෙන් ගෙන්වීමට නියමිත යූරියා පොහොර නියමිත ප්‍රමිතියෙන් තොරබව ජවිපෙ නායක අනුර දිසානායක මහතා විසින්ද ප්‍රකාශ කර ඇති අතර එම ප්‍රකාශයක් කෘෂිකර්ම අමාත්‍යංශය ඉදිරිපත් කළ රහසිගත අමාත්‍ය මණ්ඩල සංදේශයක් විසින් තහවුරු කර තිබෙනවා.

ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් වැයකොට ඉන්දියාවෙන් යල කන්නයට ගෙන්වීමට නියමිත යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ප්‍රමිතියෙන් බාල තත්ත්වයේ පවතින බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසා තිබුණා. ඔහු පැවැසුවේ SLS 618:2014 ප්‍රමිතියට අනුව අදාළ පොහොරවල 1%ක් විය යුතු බයියුරේට් (Biuret) ඉන්දියානු ප්‍රමිතිය අනුව 1.5%ක් බවයි. එය මෙරට වගාවන්ට නුසුදුසු බවයි ඔහු කියා සිටියේ.

මේ සඳහා 1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනතට අනුව කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මෙහි ප්‍රමිති අනුගමනය කළ යුතු බවත් අනුර දිසානායක මහතා පවසා තිබුණා.

“ගෙන්නන පොහොර ගොයම්වලටයි බඩඉරිඟුවලට විතරක් දාන්න කියලා කැබිනට් පත්‍රිකාවේ තියෙනවා. හැබැයි ඒ වගේම මේවා පැළ ගොයමට ගැහුවොත් මුල් කුණු වෙනවා කියලා කෘෂි විද්‍යාඥයෙක් මා සමඟ කිව්වා” යැයි ද අනුර දිසානායක මන්ත්‍රීවරයා පසුගියදා ජන රැලියකදී ප්‍රකාශ කරන ලදි.

මේ අනුව පෙනී යන්නේ මෙම ඉන්දීය යූරියා පොහොර යෙදිය යුතු වන්නේ වී වගාවට සහ බඩ ඉරිඟු වගාවට පමණක් බවයි. ඒ අනුව කැබිනට් මණ්ඩල අනුමැතියට යටත්ව වී සහ බඩඉරිගු සදහා පමණක් මෙම යුරියා පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් බෙදාහැරිමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. අර්තාපල, අන්නාසි වැනි වගාවන්ට මෙම පොහොර යෙදීමෙන් අහිතකර තත්වයක් ඇතිකළ හැකි බවයි කෘෂි විද්‍යාඥයිින් ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම මෙම රහසිගත අමාත්‍ය මණ්ඩල සංදේශය පවසා ඇත්තේ මෙම පොහොර දියර වශයෙන් යෙදීම සුදුසු නොවන බවයි. එසේම මෙම තොගය පමණක් වී සහ බඩ ඉරිඟු වගාවට සුදුසු බව එහි සඳහන්ව තියෙනවා.

The post ඉන්දියාවෙන් ගෙන එන යුරියා ලංකාවේ ප්‍රමිතියට අනුව නැහැ..! යොදාගත හැක්කේ වී සහ බඩඉරිඟු සදහා පමණයි – කෘෂි විද්‍යාඥයින් අනතුරු අගවයි (වීඩියෝ) appeared first on ColomboXnews.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x