10.1 C
Munich
Monday, September 26, 2022

මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට එරෙහිව ජවිපෙ ගොනුකල පෙත්සම ඵල දරයි – වාහන ආනයනය නොකරන බවට රජය අධිකරණයට පොරොන්දු වෙයි (වීඩියෝ)

Must read

මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපබෝගී වාහන ගෙන්වීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය වසරේ ජුනී මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(07) විභාගයට ගනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා වාහන ආනයනය නීතිවිරෝධී බවට සහ ණයවර ලිපි නිකුත් කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා සිටිනවා. යම් හෙයකින් වාහන ආනයනය කරනු ලැබුවහොත්, ඊට අදාළ සියලු තීරු බදු සහ අනෙකුත් බදු අයකරන ලෙසත්, එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා මහජන මුදලින් දරණ ලද සියලු වියදම් සහ රාජ්‍ය ආදායම් අහිමිවීම් රජයට අය කර ගැනීමට කටයුතු කරන ලෙස පෙත්සම්කරුවන් ඉලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇති අවස්ථාගත කරුණු අනුව යුක්ති සහගත යයි හා සාධාරණ යයි ශ්‍රේෂ්ඨාධිකරණය සලකන සහන ප්‍රධානය කිරීමේ අධිකරණ බලය මත සුදුසු වෙනත් නියෝගයන් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

අද දින රජය වෙනුවෙන් කරුණු දැක්වු රජයේ නීතීඥවරයා අධිකරණයට පොරොන්දු වුයේ මෙම වාහන ආනයනය කිරීම සදහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව අවලංගු කරන ලද බවත් එලෙස වාහන ආනයනය කිරීමට ගෙන තිබු තීරණයද වකුලාගන්නා ලද බවයි. ඒ අනුව අදාල පෙත්සම ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරුවන් එකගවිය.

ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මෙම පෙත්සම ගොනු කල අතර නීතීඥ සුනිල් වටගල මහතා ඒ වෙනුවෙන් පෙනී සිටින ලදි.

මෙහිදී මෙම පෙත්සම සදහා මැදිහත්වීමට නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා කල ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

The post මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට එරෙහිව ජවිපෙ ගොනුකල පෙත්සම ඵල දරයි – වාහන ආනයනය නොකරන බවට රජය අධිකරණයට පොරොන්දු වෙයි (වීඩියෝ) appeared first on ColomboXnews.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x