හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා පාත් කරන රුසියානු යානයේ හුටපටය මොකක් ද?

Date:

  • රුසියානු යානය ආවෙ ආණ්ඩුව දුන් සහතිකය නිසා… ඒ සහතිකය ලබා දී තිබෙන්නෙ නීතිපතිවරයාවත් දැනුම්වත් නොකර…   මේ රඳවා ගැනීමෙන් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා යයි!  රුසියාවේ හිටපු තතානාපති උදයාංග වීරතුංග කතා කරයි…

රුසියානු ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අධිකරණ නියෝගයක් මත මෙරට රඳවාගෙන ඇත්තේ ශ්‍රි ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය රුසියාවේ සිට මෙරටට පැමිණෙන කිසිදු ගුවන් යානයක් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට රුසියානු රජයට ලිඛිත සහතිකයක් ලබා දී තිබියදී බවත් මෙම තත්ත්වය මත දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සබඳතා පළුදුවීමට පවා ඉඩක් ඇති බවත් රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයාංග වීරතුංග  පවසයි.

ඔහු පවසා සිටියේ මෙම ගුවන් සේවයට සිය ගුවන් ගමන් අත්හිටුවීමත් සමඟ රුසියානු සංචාරකයන් ශ්‍රි ලංකාවට පැමිණිම අඩු වන අතර එමඟින් සංචාරක කර්මන්තයටද අහිතකර බලපෑමක් එල්ල වීම වැළැක්විය නොහැකි බවය.

මෙම ගුවන් සේවය ශ්‍රි ලංකාවට ගෙන්වීමට මැදිහත්වීම කළ   පුද්ගලයකු ලෙස උදයාංග වීරතුංගගේ අදහස් විමසූ කල ඔහු සඳහන් කළේ  එරෝෆ්ලොට් ගුවන් සමාගමට එරෙහිව යුරෝපීය රටවල් සහ සමාගම් විසින් සිදු කරනු ලබන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස මෙරට දී එම යානය අධිකරණ නියෝගක් මත රැඳවීමට ලක් වූ  බවය.

ඒ පිළිබඳව ඔහු මෙසේ පැහැදිළි කළේය.

“ රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වීමත් සමඟ  යුරෝපීය රටවල ගුවන් තොටුපළවලින්  රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානාවලට තහංචි පනවා තිබෙනවා. ඊට අමතරව මේ වනවිට රුසියානු ගුවන් සේවයට අයත් යානාවලින් බොහෝමයක් යුරෝපිය රටවල සමාගම්වල හිමිකාරීත්වය ඇති කල් බදු පදනම මත ලබා ගත් ගුවන් යානා. මෙම යානාවලට ඔවුන් කල් බදු වාරික ගෙවමින්  අදාළ සේවා පවත්වන්නට ගිවිසුම් ගත වී සිටිනවා. “

රඳවා ගැනීමෙන් පසු යානයෙන් බැස එන මගීන්…

යුක්‍රේන යුද්ධයත් සමග එරොෆ්ලොට් ගුවන් සේවයට වුනු දේ…

“යුක්රේනයට එරෙහිව රුසියාව විසින් ප්‍රහාරය එල්ල කිරීමත් සමඟ යුරෝපා රටවලින් රුසියාවට එරෙහිව විවිධ සම්බාධක පැනවූවා. මේ අනුව යුරෝපා සමාගම් බොහොමයක් ඒක පාරශ්වයීයව එරොෆ්ලොට් ගුවන් සේවය සමඟ පවතින ගිවිසුම් අවංගු කළා. එයින් පසුව ඔවුන්  තම ගුවන් යානා ඉල්ලනවා. නමුත් එරෝෆ්ලොට් සමාගම මෙම ඒක පාර්ශ්වීය ගිවිසුම් අවලංගු කිරීමට එකඟ වී නැහැ. මේ තත්තවය මත ගුවන්  තොටුපළ දහසකට ආසන්න ප්‍රමාණයකට යන ගුවන් ගමන් නතර කිරීමට එරොෆ්ලොට් සේවය ට සිදු වුණා.“

“මේ වෙනකොට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් සේවා නැවතිලා තිබුණේ. මමත් මැදිහත් වෙලා උත්සාහයක් දරල පසුගිය අප්‍රේල් මාසයේ 08 වැනිදා සිට යළි ගුවන් ස්වා ආරම්භ කළා. සතියට ගුවන් ගමන් තුනක් ඔවුන් මොස්කව් සිට මෙරටට එනවා යනවා. පසුගිය කාලෙම ශ්‍රි ලංකාවට ආවේ රුසියානු ගුවන් සේවයටම අයත් ගුවන් යානා.

අපි කළ වැරැද්ද

මෙම ක්‍රියාදාමය මැද පසුගිය මාර්තු මාසයේ  06 වැනිදා මෙරට සිවල් ගුවන් සේවා අධිකාරිය සහතිකයක් දෙනවා රුසියානු ගුවන් සේවා අධිකාරියට ශ්‍රි ලංකාව පැමිණෙන කිසිදු  රුසියානු ගුවන් යානයක් රඳවා ගැනීමකට හෝ  අත්අඩංගුවට ගැනීමකට ලක් කරන්නේ නැහැ කියල.

අත්අඩංගුවට ගැනීමේ අවදානමක් නැති නිසාම දෝ  රුසියාව පසුගිය ගුවන් ගමන් තුනක් සඳහා මොස්කව් සිට එව්වේ කල් බදු පදනමින් ලබා ගත් ගුවන් යානයක්. නමුත් මේ පසුබිමේ සිය එයාර් බස් යානයක් කල්බදු පදනමින් එරොෆ්ලොට් සමාගමට ලබා දී තිබූ අයර්ලන්තයේ සමාගමක් කොළඹ වානිජ අධිකරණයෙන්  නියෝගයක් අරගෙන ගුවන් යානය පිටවීමට වාරණයක් දමලා.

අප ලබා දුන් සහතිකය..

සිවිල් ගුවන්සේවා අධිකාරිය කළ නොකළ යුතු දේ

සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ ආකාරයට අකත්අඩංගුවට ගැනීමක් රෙඳවා ගැනීමක් නොකරන ලෙසට සහතිකය ලබා දීම අවදානම් සහගත දෙයක්. ඔවුන් එය කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්වත් විදේශ අමාත්‍යංශයෙන්වත් විමසා නොවෙයි.

මේ තත්තවය තුළ යම් රාජ්‍ය තාන්ත්‍රික සිත් පළුදු වීමක් සිදුව තිබෙනවා. කොහොම වුණත් මේ ක්‍රියාවලිය නිසා මේ වනවිට එරෝෆ්ලොට් සමාගම සිය ගුවන් සේවා නවත්වලා. ඊයේ දිනයේ මඟීන් 275ක් සමඟ යානයක් මෙරටට පැමිණීමට නියමිත ව තිබුණද ඔවුන් එය අවලංගු කොට හිස් ගුවන් යානක් මෙරටට එවා තිබෙනවා. ඒ මෙරට රැඳී සිට රුසියානු ජාතියන් , සංචාරකයන් එරටට ගෙන යන්න“ ඔහු සඳහන් කලේය.

එහිදී වීරතුංග  සඳහන් කළේ මේ වනවිටත් ශ්‍රි ලංකාව තුළ සති දෙකක තුනක  පමණ නිවාඩු ගත කිරීමට පැමිණි රුසියානු ජාතික සංචාරකයන් 2500ක් පමණ   රැඳීසිටින  බවය.

මෙම ගැටලුව ඉක්මනින්ම නිරාකරණය නොවුවහොත් එක අතකින් සංචාරක කර්මාන්තයටත් අනෙක් අතින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලටත් අහිතකර බලපෑමක් එල්ල විම වැළැක්විය නොහැකි බව ද වීරතුංග මහතා මෙහිදී සඳහන් කළේය.

The post හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා පාත් කරන රුසියානු යානයේ හුටපටය මොකක් ද? appeared first on ColomboXnews.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාපුර පරිපාලන නිලධාරිනිය ඝාතනයට සැමියා අත්අඩංගුවට

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරීන්ගේ ඝාතනයට සැකපිට...

තරුණයාට පහර දුන් යුද හමුදා නිලධාරිට වැඩ වරදී

කුරුණෑගල, යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල...

දුම්රිය ගමන්වාර 140 ක් අවලංගු වීමේ අවධානමක්

දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් අද පස්වරු 3.00...

පැය 3ක විදුලි කප්පාදුව තව දින තුනකට දීර්ඝ වෙයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම...
0
Would love your thoughts, please comment.x
()
x