7.8 C
Munich
Wednesday, September 28, 2022

පාරවල් යටවෙලා… විභාගයට යන දරු දැරියන් බෝට්ටුවලින් විභාග මධ්‍යස්ථානයට

Must read

ධාරාණිපාත වර්ෂාවත් සමග හිනිදුම මල්ලිකා විද්‍යාලය අසල මාර්ගය ජලයෙන් යටවිම නිසා හිනිදුම මල්ලිකා විද්‍යාලයේ  විභාග මධ්‍යස්ථානයේ  විභාගයට පෙනි සිටි සිසු  දරු දැරියන් පිරිසක් බෝටිටුවලින් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට  ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය හා නාවික හමුදාව එක්ව අද (01)  උදැසන  කටයුතු කරණු ලැබිය.

ධාරාණිපාත වර්ෂාවත් සමග  උඩුගම අකුරැස්ස මාර්ගයේ හිනිදුම මල්ලිකා විද්‍යාලය අසල මාර්ගය ජලයෙන් යටවි  තිබුණි. විභාගයට පෙනි සිටින සිසු දරු දැරියන් 40 දෙනෙකු පමණ බෝට්ටු මගින් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ලුතිනල් කර්නල්  පි.ඩබ්ලිව් කරුණාරත්න  පවසයි. 

මේ වනවිට තවලම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජලය බැසයමින් පවතින බවද ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ  මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

The post පාරවල් යටවෙලා… විභාගයට යන දරු දැරියන් බෝට්ටුවලින් විභාග මධ්‍යස්ථානයට appeared first on ColomboXnews.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x