14 C
Munich
Tuesday, May 30, 2023

මහවැස්සෙන් සා.පෙළට බාධා

Must read

කොළඹ ප්‍රදේශයට අද (31) පෙරවරුවේ ඇඳහැලුණු අධික වර්ෂාවෙන් බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල ජලයෙන් යටවීමෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත විය.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, කොළඹ මහ නගර සභාවේ දිසා 3 කාර්යාලය සහ ගිනිනිවන හමුදාව එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පැය දෙකක පමණ කාලයකදී විභාගය පැවැත්වීමට හැකි ආකාරයට පාසල සකස් කර දුන් බව එම විදුහලේ විදුලිපතිනී චම්පිකා වීරතුංග මහත්මිය පැවසුවාය.

එහිදී ගිනිනිවන හමුදාව පාසල තුළ රැදී තිබූ ජලය නළ හරහා පිටතට පොම්ප කළ බව කී විදුල්පතිනිය කොළඹ නගර සභාවේ සේවයකන් කාණු පද්ධතියේ අවහිර වී තිබූ ස්ථානයවල අවහිරතා ඉවත් කළ බව ද සඳහන් කළාය.

දරුවන්ට පාසලේ ප්‍රධාන දොරටුවේ සිට විභාග මධ්‍යස්ථානය වෙත යෑමට ගිනිනිවන හමුදාවට අයත් රථයක් ලබාදුන් බව ද විදුල්පතිනී චම්පිකා වීරතුංග මහත්මිය කීය.

කොළඹ අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජී. එන්. සිල්වා මහතාගේ ද අධක්‍ෂණයෙන් ක්‍රියාත්මක වූ මෙම ක්‍රියාදාමය නිසා කිසිඳු ප්‍රමාදයකින් තොරව විභාගය ආරම්භ කිරීමේ අවස්ථාව ලැබුණු බව ද විදුහල්පතිනිය වැඩි දුරටත් සඳහන් කළාය.   

The post මහවැස්සෙන් සා.පෙළට බාධා appeared first on ColomboXnews.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x