ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 19.05කින් ඉහළ දමා තිබේ.
ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් සංගම් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බවය.
ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික බස් ගාස්තු මෙලෙස ඉහළ දමා ඇති අතර රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 32ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අර්ධ සුඛෝපබෝගී බස් රථවල ඉහළම ගාස්තුව රුපියල් 4,025 ක් වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම සාමාන්‍ය සේවාවල වැඩිම බස් ගාස්තුව රුපියල් 2,417 ක් බව සඳහන්ය.
මේ අතර, අද (25) දිනයේ ද කිසිදු ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදාහැරීමක් සිදුනොකරන බව ලිට්රෝ සමාගම පවසයි.
මේ හේතුවෙන් ගෑස් මිලදී ගැනීම සඳහා පෝලීම්වල රැඳීසිටීමෙන් වළකින ලෙස එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේය.





The post අවම බස් ගාස්තුව රුපියල් 32යි, බාස් ගාස්තු වැඩිවීම මෙන්න appeared first on ColomboXnews.