ඇමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය අද සවස ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වර්තමානයේ පවතින අභියෝග පිළිබඳව සාකච්ඡා කළ බව තාතාපතිවරිය පවසයි.
මෙහිදි මේවනවිට රට මුහුණපා සිටින ආර්ථික අර්බුදය මෙන්ම දේශපාලන අර්බුදය සම්බන්දයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ.
සිය ට්විටර් ගිණුමේ මෙම හමුවීම පිළිබඳව සටහනක් තබමින් ඇය තවදුරටත් පවසන්නේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් උද්ගත වී ඇති ආර්ථික අර්බුදය විසඳීමට රජය විසින් ගනු ලබන ප්‍රයත්නයන් හමුවේ සැම පාර්ශ්වයකගේම සහභාගීත්වය සහිත තිරසාර විසඳුම් පිළිබඳව රටේ සියලු දේශපාලන නායකයින් සමඟ සිදු කරන අඛණ්ඩ සාකච්ඡා පෙළට අනුව අනුර කුමාර දිසානායක මහතා හමුවූ බවය.

The post ඇමෙරිකානු තානාපතිනිය සහ අනුර කුමාර දිසානායක අතර හමුවක් appeared first on ColomboXnews.