ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින්ද සතියක් ඇතුලත සියලු ඉන්ධන මිල අනිවාර්යෙන්ම වැඩි කරනු ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය කියා සිටියි.
එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ ලංකා ඉන්දීය කෙල් සමාගම සිය බෙදුම්හල් වල ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග එම බෙදුම් හල්වල පාරිභෝගිකයන්ද සිපෙට්කෝ බෙදුම්හල් වෙත පැමිණෙනු ඇති බවයි.
ඒ හේතුවෙන් සිපෙට්කෝ අලාභය තවදුරටත් ඉහල යනු ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අනිවාර්යෙන්ම සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමනු ඇතැයි ද ඔහු සඳහන් කලේය.
ඉන්දීය තෙල් සමාගම සිය මිල ගණන් ඉහල දමන ලද්දේ දෙපාර්ශවය අතර අවබෝධයෙන් බවත් ඒ අනුව නුදුරේදීම සිපෙට්කෝ ඉන්ධන මිලද ඉහල දමනු ඇති බවත් හෙතෙම පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල වැඩි කිරීමට මේ මොහොතේ තීරණයක් තීරණය ගෙන නැති බවත් සංස්ථාව ලබන පාඩුව ජනතාවට නොදී සිටීමට හැකි තරම් උත්සාහ කරන බවත්ය.
වසර අටකට පසුව ලෝක වෙළෙඳ පොළේ වැඩිම බොරතෙල් මිල මේ දිනවල වාර්තා වන බව පිළිගත යුතු බවද ඔහු කියා සිටියේය.
ලංකා ඉන්දීය තෙල් සමාගම සිය බෙදුම් හල් වල ඉන්ධන මිළ වැඩි කිරීමත් සමග ඔවුන්ගේ පාරිභෝගිකයන්ද දැන් සිපෙට්කෝ බෙදුම් හල් වලට පැමිණෙන නිසා තම පාඩුව තව දුරටත් ඉහළ යන බවද ඔහු පැවසීය.
The post සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහලට…? appeared first on Lanka 24 News.