11.6 C
Munich
Friday, October 7, 2022

සමගි ජන බලවෙගයේ දෙවැනි සංවත්සර රැළිය සල්ගාදු ක්‍රීඩාංගනයේදී

Must read

මාර්තු මස දෙවැනි සතියේදී අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී මහජන රැළියක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවෙගයේ  නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

රැළියේ සංවිධාන කටයුතු වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පත්කර ඇති අතර මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසකට එහි වගකීම් පවරා තිබෙනවා.

පොදුජන පෙරමුණ පසුගියදා පැවැත්වූ සල්ගාදු රැළියට අභියෝගයක් ලෙස ඊට වඩා සාර්ථක රැළියක් එම ක්‍රීඩාංගනයේදීම පවත්වා ජනතා බලය පෙන්වීමට සූදානම් බව පසුගියදා සමගි ජන බලවේගය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

මෙම රැළියට සමගාමීව පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්ද ආරම්භ වනු ඇත. ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙන බැවින් ඊට සූදානම්ව සිටින ලෙස පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට දැනුම් දී තිබෙනවා.

The post සමගි ජන බලවෙගයේ දෙවැනි සංවත්සර රැළිය සල්ගාදු ක්‍රීඩාංගනයේදී appeared first on Lanka 24 News.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x