පාඨලීගෙන් ජනපතිට අභියෝගයක්

Date:

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ පවතින වරම මත සිය ධූර කාලයේ සිටීම හරිද වැරදිද යන්න සෙවීම සඳහා හැකි නම් ජන මත විචාරයක් පවත්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (20දා) පස්වරුවේ අනුරාධපුරයේදී පැවති, හතලිස් තුන්වන සේනාංකයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින්ය.

“මීට පෙර  අපේ රටේ විදුලිය කපා දැමීමට සිදු වුනේ වැසි නොලැබීම වැනි ස්වභාවික විපත් හේතුවෙන්, ඒත් දැන් විදුලිය කපන්න සිද්ධ වෙලා තියෙන්නෙ  ඩොලර් නැති නිසයි, ඩොලර් නැති නිසා විදුලිය කපපු එකම රජය, වර්තමාන රජයයි.

රටට දරා ගත නොහැකි පොලී ක්‍රමයක් යටතේ ණය ලබා ගැනීමත් ප්‍රයෝජනයක් නොමැති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමත්, එම ණය මුදල් වංචා කිරීමත් හේතුවෙන් වත්මන් ඩොලර් හිඟය ඇති වී තිබෙනවා.

මේ වන විට එම ඩොලර් හිඟය මඟ හරවා ගැනීම සඳහා ඖෂධ වර්ග අසූවක් මේ රටට ගෙන්වීම, කිරිපිටි, පොහොර, ඉන්ධන සහ ගෑස් ගෙන්වීම නතර කිරීමට රජය කටයුතු කර තිබෙනවා. මෙරටට අනවශ්‍ය ලෙස ගුවන් යානා මිලදී ගැනීමේදී ලබා ගත් ණය ගෙවීමට ද පසුගියදා රජය කටයුතු කළා.

මෙරට ලබා ගත් ණය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී ඩොලර් කෝටි දෙසීයක් ගෙවීමට රජයට සිදුව ඇති තිබෙනවා. එම ණය ගෙවීමට රජයට වැඩ පිළිවෙලක් නැහැ.  රජයට ඇති එකම වැඩ පිළිවෙල තමයි ජාවාරම් සිදු කිරීම.

වර්තමානයේ සිදු කරන හදිසි ඉන්ධන ඇණවුම් වලින්ද කරන්නෙත් මුල්‍ය වංචාවයි, මේ වන විට එතනෝල් කර්මාන්ත ශාලාවක් වෙනුවෙන් මොනරාගල ප්‍රදේශයේ අක්කර හැට දහසකට වඩා ප්‍රදේශයක් එළි කරමින් සිටිනවා.

පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මුදල් ගනු දෙනු කිරීම සඳහා පවත්වා ගෙන යනු ලැබූ ක්‍රමවේදයන් අනුමත කරමින් මුදල් ජාවාරම් සිදු කිරීමට රජය කටයුතු කරනවා. නව ආණ්ඩුවක් බිහිවනතෙක් කිසිදු විදේශ ආයෝජකයෙකු “පෝර්ට් සිටි”  වල ආයෝජනය කරන්නේ නැහැ.

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  සහාය ලබා නොගන්නේ මේ   නායකයින්ට අවශ්‍ය ලෙස මුදල් ගසා කෑමට ඇති බිය  නිසයි. නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවට  නැවත විසි එක්වන සංශෝධනයක අවශ්‍යතාවය තිබෙනවා .

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් එළඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට විරුද්ධව අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් වීමට නියමිතයි. මේ හේතුවෙන් ජි.එස්.පී සහනය ඉවත් කළ හොත් මෙරටට ලැබෙන ඩොලර් ප්‍රමාණය ද නැති වී යනවා. 

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ පවතින වරම මත සිය ධූර කාලයේ සිටීම හරිද වැරදිද යන්න සෙවීම සඳහා හැකි නම් ජන මත විචාරයක් පවත්වන ලෙස අභියෝග කරන කරනවා.”යැයි පැවසීය. 

The post පාඨලීගෙන් ජනපතිට අභියෝගයක් appeared first on Lanka 24 News.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය අවසන්

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කළ කේ. ඩී. එස්....

කළහාකාරි සිද්ධිය ගැන ජනාතාවගෙන් ඡායාරූප 484 හා වීඩියෝ පට 73ක්

අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ...

කෝප් කමිටුවෙන් ගෑස් සමාගමට නියෝගයක්

දෛනිකව බෙදන ගෑස් සිලින්ඩරවලින් සියයට 60 ක්...

සාපෙළ කාලයේ රාත්‍රී විදුලි කප්පාදුව නෑ

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුකම් සැළසීම සඳහා...