තෙල් ගෙන්වන්න සංස්ථාවට ඩොලර් නොව රුපියලුත් නැහැ

Date:

ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් පමණක් නොව රුපියල් නොමැති වීමේ ප්‍රශ්නයකට ද මුහුණ දී සිටින බවත් නුදුරු ආනාගතයේ තෙල් හිගයක් ඇති වීමේ අවදානමක් ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

තෙල් සංස්ථාවට ඉදිරියට යන්න බැරි තත්වයක් ඇති වී අනාගතයේ බරපතළ බලශක්ති අර්බුදයක් ඇති වන බවට 2021 පෙබරවාරි මස 15 වැනිදා තමන් අමාත්‍ය මණ්ඩලය පත්‍රිකාවක් මගින් දැනුවත් කළ බව කී අමාත්‍ය ගම්මන්පිල මහතා සාගර කාරියවසම් මන්ත්‍රීතුමාට පිළිතුරු දෙන්න 2021 ජූනි මස 12 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී රට දැවැන්ත විදේශ විනියම  අර්බුදයකට මුහුණ දෙන බව හෙළිකළ බව ද සඳහන් කළේය.

තමන් එසේ පැවසූ විට සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් බැනුම් අහන්නට සිදුවූ බවත් ජනතාව බොරුවට බය කරන්න එපා, අපිට සල්ලි තියෙනවා, අපිට ඇතිවෙන්න ඩොලර් තියෙනවා, රුපියල් තියෙනවා යැයි සමහරු රටට කියූ බවත් අමාත්‍යවරයා කීය.

2021 පෙබරවාරි මස මීට වසරකට පෙර – 2021 ජූනි මස මීට මාස අටකට පෙර කියූ දේවල් අද වන විට මහපොළවේ තිත්ත ඇත්ත බවට පත්ව ඇති බව කී අමාත්‍ය ගම්මන්පිල මහතා සඳහන් කළේ රට ආර්ථික අර්බුදයේ කරවටට එරිලා ඉන්න නිසා පංච මහා පියවරයන් ගෙන විසඳන ලෙස මේ මස 6 වැනිදා තමන් ප්‍රකාශ කළ ද මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බවත්ය.  පැස්බරා වැල්ලේ ඔළුව ගහගෙන ඔන්න මම හැංගිලා ඉන්න ආකාරයට මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවත් තෙල් හිඟයක් ඇති නොවන්නට පසුගිය මාස අටක් කටයුතු කළ ද තවදුරටත් එම සහතිකය දිය නොහැකි අතර ඇතැම් විට කාර් එක ගෙදර තියලා බයිසිකලේ යන්න වන තත්වයක් ඇති විය හැකි බවත්  අමාත්‍යවරයා කීය.

ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට ඩොලර් මිලියන 3700 ක් හෙවත් රුපියල් කෝටි 74,000 ක් රාජ්‍ය බැංකු දෙකට ණය වී සිටීම නිසා එම බැංකුවලට තවදුරටත් ණය නොදෙන ලෙස  මහ බැංකුව උපදෙස් දී ඇති බවත් තෙල් සංස්ථාව දීර්ඝ කාලයක සිට ණයට තෙල්  විකිණීම මෙයට හේතුව බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 8000ක සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කෝටි 6300ක ණයට තෙල් ලබාගෙන මුදල් ගෙවා නොමැතිවීම නිසා ඛනිජ තෙල් සංස්ථාව ණයකාරයකු බවට පත්ව ඇති බව කීම අමාත්‍යවරයා පැවසුවේ ඒ හේතුවෙන්  තවදුරටත් එම ආයතනවලට ණයට තෙල්  සැපයීම නතර කළ බවයි.  පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ කඩුවෙල ජන සභා රැස්වීමේදී එම පක්‍ෂයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.


යොහාන් භාසුර

Follow us on FacebookTwitter

The post තෙල් ගෙන්වන්න සංස්ථාවට ඩොලර් නොව රුපියලුත් නැහැ appeared first on Lanka 24 News.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

Sanath Nishantha and Milan Jayathilake to be produced before court today

SLPP MPs Sanath Nishantha and Milan Jayathilake, who were...

යතුරු පැදි අනතුරින් දෙකක් මරුට:‍තුනක් රෝහලට

යාපනය තිරුණවේලී ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට...

පළාත් හතරකට විටින් විට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (18)...