12.8 C
Munich
Tuesday, May 30, 2023

ඔමික්‍රෝන් ගැන සෞඛ්‍ය අංශවලින් අලුත් අනාවරණයක්

Must read

නිධන්ගත රෝග සහ වෙනත් සංකූලතා පවතින රෝගීන් ඔමික්‍රෝන් වෛරස් ප්‍ර‍භේදය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව පවුල් සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.

ඇය ප්‍රකාශ කළේ මේ වන විට බොහෝ පවුල්වල සාමාජිකයින් එක් අයෙකුට වැඩි සංඛ්‍යාවකට ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වී ඇති බවය.

“පවුලේ එක් සාමාජිකයෙක් නොවන පවුලේ බොහෝ සාමාජිකයින් මේ වන විට රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටින බව පැහැදිලිවම පෙන්නුම් කරමින් සිටිනවා. ඔමික්‍රෝන් රෝගයේ රෝග ලක්ෂණ ඉතාම පීඩාකාරී නොව නිසා සංකූලතා සහ නිධන්ගත රෝග තිබෙන රෝගීන් පවා නිවෙස්වලට වෙලා සිටින බවට අපිට පැහැදිලි තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. එය ඇත්තටම ඉතාමත්ම භායානක තත්ත්වයක්. මොකද රෝගයේ රෝග ලක්ෂණ අවමව පැවතියත් නිධන්ගත රෝග වලින් පෙළෙන අයට විශේෂයෙන් බූස්ටර් මාත්‍රාව නොගත් රෝගීන් හට ඉතාමත්ම දරුණු සංකූලතා වලින් අවදානමට ලක් වෙන්න පුළුවන්. එවැනි රෝගීන් සිටිනම් රෝග ලක්ෂණ පහළ වන විටම ඔබ වෛද්‍යවරයෙක් වෙත යොමු වීම අත්‍යවශ්‍ය බව සලකලා කටයුතු කරන්න.”

The post ඔමික්‍රෝන් ගැන සෞඛ්‍ය අංශවලින් අලුත් අනාවරණයක් appeared first on Lanka 24 News.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x