උද්ඝෝෂණ හා වැඩවර්ජනය කරන්නන් සම්බන්ධයෙන් ජනතාව තීරණයක් ගනු ඇතැයි ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් ඊයේ (14) කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රකාශය කර ඇත්තේ, උද්ඝෝෂකයන්ට හා වර්ජකයන්ට එරෙහිව පොලිසිය යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට ඊයේ කැබිනට් හමුවේදී පොලීසිය භාර ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිණි.
මේ අතර ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු මෙන්ම මන්ත්‍රීවරුන්ද තැන තැන ප්‍රකාශ නිකුත් කරමින් සිටින්නේ උද්ඝෝෂකයන්ට සහ වර්ජකයන්ට පොලුවලින් පහර දියුතු බවත් වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගත යුතු බවත්ය.
එමෙන්ම පසුගියදා කොළඹදී පැවති, ත්රීකුණමලයේ තෙල් ටැංකි ඉන්දියාවට විකීණීමට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතා පෙළපාලියට බිත්තර හා ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සාහයක් ජනතාවගේම මැදිහත්වීමෙන් ව්‍යර්තව ගිය අතර පසුව ගම්පහ පැවති ජාතික ජන බලවේගයේ සමුළුවට බිත්තර ප්‍රහාර එල්ල කළ පිරිස ජනතාව විසින්ම අල්ලා පොලිසියට බාරදෙන ලදී. එම ප්‍රහාර දෙකටම පැමිණ තිබුණේ ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වූ ඇවන්ගාඩ් සමාගමේ නිස්සංක සේනාධිපතිගේ පුද්ගලික ශරීර ආරක්ෂකයින් ඇතුළු පිරිසකි.
පසුව මාධ්‍ය වේදී චමුදිත සමරවික්‍රමගේ නිවසටද ඊයේ (14) අළුයම මැර ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
The post උද්ඝෝෂකයින් හා වැඩ වර්ජකයන් ගැන “ජනතාව” බලා ගනීවි- ජනපති appeared first on Lanka 24 News.