මොරටුව එගොඩ උයන, මෝදර ප්‍රදේශයේ STF සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී දුලාන් සමීර සම්පත් නොහොත් “අබ්බා” නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මියගොස් තිබේ.
මෙම වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු රෝහල්ගතකර ඇත.
මූලික විමර්ශනවලදී මියගොස් ඇති “අබ්බා” නැමැත්තා විදේශ රටක සැඟව සිටිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පානදුර සළිඳු නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බව අනාවරණය වී තිබේ.
එසේම මෙම සැකකරු මීට මාස කිහිපයකට පෙර වලාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කාන්තාවකගේ අතක් කපා දැමූ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවටද අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා එගොඩ උයන, මෝදර ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය එම නිවස වටලා ඇත.
එම අවස්ථාවේ ඇතිවූ වෙඩි හුවමාරුවකින් බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩිතැබීමට යොදාගත් ගිනි අවිය සහ සඟවා ඇති බවට වාර්තා වී ඇති ආයුධ සොයා මේ වනවිට විමර්ශ පොලිස විමර්ශන ක්‍රියාත්මකය.
මේ අතර මෙම සිද්ධියෙන් අනතුරුව එගොඩඋයන, මෝදර ප්‍රදේශයේ සහ පානදුර මූලික රෝහලේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ.
එගොඩ උයන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වති.
Follow us on Facebook, Twitter.
The post අබ්බා STF වෙඩි පහරින් එගොඩ උයනේදී මරු appeared first on Lanka 24 News.