ඇමෙරිකානු මොදර්නා සමාගම එළිදැක් වූ කොරෝනා එන්නත සාමාන්‍ය ශීතකරණයක තබා ගත හැකි බව හෙළි වී ඇත.
මේ නිසා ලොවපුරා රටවල් රැසක් එම එන්නත ලබා ගැනීමට ඉදිරිපත් වී තිබේ. මෙම එන්නත සියයට 94.5 ක් සාර්ථක බව මොදර්නා සමාගම කියා සිටියි.
මෙම මොදර්නා එන්නත දින 30 ක් සාමාන්‍යයෙන් ශීතකරණයක තබාගත හැක.
එහෙත් පයිසර් නමැති සමාගම එළිදැක්වූ එන්නත ශීතකරණයේ තබාගත හැක්කේ දින පහකි.