රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන් 560 දෙනෙකු විශ්‍රාම ගැන්වීමට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බවයි.මේ සඳහා වන්දි වශයෙන් පිරිනැමීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 1.46ක් බව පැවසේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී තිබෙන මුල්‍යය අර්බූදය පියමං කිරීම වෙනුවෙන් කලයුතු කාර්යන් සොයා බැලීම පිණිස , ගුවන් සේවා සහ අයෝජන ප්‍රර්ධන කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් රජයට මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
කෙසේ වුවද සේවකයන් විශ්‍රාම ගැන්වීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු වලට ඉදිරි වසර තුන තුළ කිසිදු බාධාවක් නොවන බවද අමාත්‍යාංශය විශ්වාසය පළ කරන බවද වාර්තා වේ.